
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උද්ධමනය තවදුරටත් ඉහළ යාහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අද (23) මහ බැංකු පරිශ්‍රයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව කියා සිටියේය.
රජය විසින් හඳුන්වා දෙන ලැබූ එකතු කළ අගය මත බදු(වැට්) පැනවීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය 7%ක පමණ අගයක් දක්වා ඉහළ යා හැකි බව ආචාර්ය වීරසිංහ එහිදී පෙන්වා දුනේය.
එහිදී ඔහු මෙසේද පැවැසීය.
“ඉදිරියේ දී අපේ උද්ධමන ඉලක්කය 5%ක්. එය 4% – 6%ක් වගේ සාමාන්‍ය අගයක් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වෙලාවේ වෙළෙඳ පොළ පොලිය අනුපාතවලට යම්කිසි ආකාරයකට හැඩ ගැසෙන්න අවස්ථාව දීලා තියෙනවා. අපේ පොලිය අනුපාතය ස්ථාවරව පවත්වා ගත්තේ. ඉදිරියේදී අපි නැවත සලකා බලනවා. එතෙක් අපි ප්‍රතිපත්ති පොලී අනුපාතය නොවෙනස්ව පවත්වා ගන්නවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart