
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දර තුඩුවේ දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 60කට අධික බව හෙළි වී තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් බවට සැක කරන අතර ඒවා ප්‍රවාහනය කළ බහුදින යාත්‍රා දෙක සමග සැකකරුවන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල නෞකාව දෙවුන්දර තුඩුවේ සිට දළ වශයෙන් නාවික සැතපුම් 100ක් (කිලෝමීටර් 185ක් පමණ) ඔබ්බෙන් දකුණු මුහුදු ප්‍රදේශයේ ඊයේ මෙම විශේෂ මෙහෙයුම සඳහා යොදවා සිට තිබිණි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් අඩංගු බෑග් තුනක් සොයා ගෙන ඇත.
ඊට අමතරව මත්කුඩු ගොඩබිමට රැගෙන ඒමට තිබූ තවත් යාත්‍රාවක් ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් එකොළොස් දෙනා සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ යාත්‍රා දෙක අද පෙරවරුවේ ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදාව පැවසුවේය.
මේ වන විට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart