
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය ඇමැති ඩයනා ගමගේගේ පුරවැසිභාවය පිළිබඳ නඩුව අභියාචනා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබා දුන්නේය.
එලෙස අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්න කළේ ඩයනා ගමගේගේ රටට ඇතුළු වීමේ සහ පිටවීමේ තොරතුරු ඇතුළත් ලේඛනයක් ආගමන විගමන පාලක ජනරාල්වරයා ගොනු කර තිබියදී එම තොරතුරු අදාළ වන්නේ කුමන ඩයනා ගමගේටදැයි නොදන්නා බව දිවුරුම් ප්‍රකාශයක් මගින් පසුව ඔහු ප්‍රකාශ කළේ කෙසේද යන්නයි.
මෙම නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ වූයේ හිටපු ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව ලිඛිතව ප්‍රකාශ කර ඇති බවයි.
එසේ තිබියදී වත්මන් ආගමන විගමන පාලක ජනරාල්වරයා ඒ සම්බන්ධ ව්‍යාකූල දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරන්නේ කෙසේදැයි අධිකරණය ප්‍රශ්න කළේය.
රාජ්‍ය ඇමැති ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පවතින සියලුම නීතිමය ප්‍රශ්නවලට අභියාචනා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබාදුන් අතර ඊට අදාළ කරුණු දැක්වීම් පෙබරවාරි 12 වැනිදා සිදු කරන ලෙස නියම කළේය.
සියලු පාර්ශ්ව මෙම කාලරාමුවට දැඩි ලෙස අනුගත වන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ඩයනා ගමගේ මෙරට පුරවැසියකු නොවන බවට සාක්ෂි තිබියදී අභියාචනාධිකරණය මූලික විරෝධතාවක් මත තමාගේ මූලික ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මෙම අභියාචනා පෙත්සමට සහය පළ කරමින් කරුණු දැක්වූ නීතීඥ හෆීල් ෆාරිස් ප්‍රකාශ කළේය.
ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ අභියාචනාධිකරණය සිදුකළ නිෂ්ප්‍රභ කිරීම් නීතියට අනුව නිවැරදි බවයි.
ඉදිරිපත් කළ කරුණු දැක්වීම් ඇසූ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, අභියාචනාධිකරණය විසින් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කර ඇතිද යන්න ඇතුළු සියලුම නීති ප්‍රශ්නවලට අභියාචනා කිරීමට අවසර ලබා දුන්නේය.
ඩයනා ගමගේට ධුරයේ කටයුතු කිරීම තහනම් බවට එක් විනිසුරුවරයකුගේ මතය සහිතව බහුතර තීන්දුවෙන් එම පෙත්සම මීට පෙර නිෂ්ප්‍රභ කර තිබිණි.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස්, නිෂිකා ෆොන්සේකා, ෂැනන් තිලකරත්න, රජිත් සමරසේකර සහ සංජීව කොඩිතුවක්කු යන පිරිස ද ඩයනා ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ මිර්දුලා තම්බයියා සමඟ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ද පෙනී සිටියහ.
සුරංග වර්ණකුල සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart