
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එම පක්‍ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ පවසනනේ, වර්තමානයේ පවතින සමාජය තුළ ගණිකාවන් නිර්මාණය කරමින් ඇති බවයි.
කාන්තාවන් සහ දරුවන් මේ වන විට සමාජය තුළ බරපතල අනාරක්ෂිත බවකට පත්ව ඇති බව පෙන්වා දී ඇති සමන්මලී ගුණසිංහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ජාතික ජනබලවේගය සතුව ඇති බවද ප්‍රකාශ කරයි.
ලිංගික ශ්‍රමිකයින් ද බරපතල අනාරක්ෂිත තත්වයකට මුහුණ පා ඇති බැවින් ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ ගණිකා වෘත්තීය නීතිගත කරමින් ඔවුන්ට අවශ්‍ය රැකවරණය සහ ආරක්ෂාව සලසා දීමට පියවර ගන්නා බව මෙහිදී ඇය පවසා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart