
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාපාරික ගනුදෙනු සඳහා පෞද්ගලික බැංකු ගිණුම් භාවිත කිරීම සුදුසු නැතැයි මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.
ඇතැම් කුඩා සහ අවිධිමත් ව්‍යාපාර සිය පහසුව තකා හෝ නිසි දැනුමක් නැතිකම නිසා ව්‍යාපාර ගනුදෙනුවලට පෞද්ගලික බැංකු ගිණුම් භාවිත කිරීම හේතුවෙන් මෙම අවදානම සන්නිවේදනය කරන්නේ යැයි මූල්‍ය බුද්ධි ඒකකය නිවේදනය කර ඇත.
ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නකු ඵලදායී මූල්‍ය කළමනාකරණයක් සහතික කිරීමට ඒ වෙනුවෙන් වෙනම බැංකු ගිණුමක් භාවිත කිරීම සුදුසු යැයි පවසන එම ඒකකය, එවැනි පියවරක් මඟින් ගනුදෙනුවල විනිවිදභාවය සහතික කරන්නේ යැයි පවසයි.
පෞද්ගලික සහ ව්‍යාපාරික අරමුදල් එකිනෙක මිශ්‍රවීම නීතිමය සහ බදු සංකූලතා ඇති කළ හැකි යැයි ද එය ව්‍යාපාරික මූල්‍ය ඵලදායී ලෙස නිරීක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම අභියෝගයට ලක්කරන්නේ යැයිද එම නිවේදනයේ සඳහන් වේ.
එසේම පෞද්ගලික සහ ව්‍යාපාරික අරමුදල් එකිනෙක මිශ්‍රවීම මුදල් විශුද්ධිකරණය වැනි බරපතළ අපරාධයක් යැයි සැකකළ හැකි මූල්‍ය විමර්ශනයන්ට හා අපරාධ චෝදනාවන්ට ලක්විය හැකි යැයිද මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය අනතුරු අඟවා ඇත.
එනිසා නීතිමය සහ නියාමන ගැටලු මඟහරවා ගැනීමට සහ ගනුදෙනුවල විනිවිදභාවය පවත්වා ගැනීමට ව්‍යාපාරික ගනුදෙනු සඳහා වෙනම බැංකු ගිණුමක් පවත්වා ගැනීමට මූල්‍ය බුද්ධි ඒකකය නිර්දේශ කර තිබේ.
එසේම පෞද්ගලික සහ ව්‍යාපාරික අරමුදල් වෙන් වෙන්ව පවත්වා ගැනීම මූල්‍ය කළමනාකරණය පහසු කිරීමට මෙන්ම පෞද්ගලික වත්කම් ආරක්ෂා කිරීමට සහ වෘත්තීය විශ්වසනීයත්වය වර්ධනයට හේතුවන්නේ යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart