
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික මිලකට කොවිඩ්-19 පරීක්ෂණ කට්ටල විකිණීම වෙනුවෙන් වියට්නාමයේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට වසර 18ක සිරදඬුවමක් නියම කර තිබේ.
මෙම සිදුවීමට අදාළව තවත් සෞඛ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් පිරිසකට ද සිරදඬුවම් නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Viet A ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබු මෙම සිද්ධියේදී කොවිඩ් 19 පරීක්ෂණ කට්ටල සෑදූ අර්ධ-පෞද්ගලික සමාගම, රෝහල් සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට පරීක්ෂණ උපකරණ විශාල ඉහළ මිලකට සැපයීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඩොලර් මිලියන ගණනක ගනුදෙනු සිදුකළ බව කියනු ලැබේ.
කොවිඩ් වසංගතයට ඵලදායී ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් වියට්නාමය මුලින් කැපීපෙනුණද, පසුව ප්‍රජා පරීක්ෂණ සංවිධානය කරන සමාගම්වලින් මුදල් ලබාගැනීමේ සිදුවීම්වලට නිලධාරීන් සම්බන්ධ බව හෙළිවී තිබිණි.
හැනොයිහි දින දහයක නඩු විභාගයකින් පසු, විත්තිකරුවන් 38 දෙනාම පාහේ අල්ලස් ගැනීම, බලය අනිසි ලෙස භාවිත කිරීම හෝ වෙනත් චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බව අධිකරණය තීන්දු කළේය.
2020 සිට 2022 දක්වා සෞඛ්‍ය ඇමැතිවරයා වූ Nguyen Thanh Long හට ඩොලර් මිලියන 2.25ක අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් වසර 18ක සිර දඬුවමක් නියම විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart