
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ළමා අපයෝජන සිද්ධියක සිතාසියක් භාරදීමට ගිය අතුරුගිරිය පොලිසියේ නිලධාරියකුට බැණ වැදී රාජකාරියට බාධාවන පරිදි හැසිරුණු අඹුසැමි යුවළක් අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇත.
මෙම යුවළ සිතාසිය භාරදීමට පැමිණි නිලධාරියාට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර, ඉන් සුළු තුවාල ලැබූ නිලධාරියා හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මෙම යුවළ බීමතින් සිට ඇති අතර, ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබේ.
කොළඹ අලුත් කඩේ උසාවියේ ළමා අපයෝජන සිද්ධියක පැමිණිලි පාර්ශ්වය වන රොමියෙල් මාවතේ පදිංචි මෙම යුවළට උසාවියේ පෙනීසිටින ලෙස දන්වමින් ලැබුණ සිතාසිය භාරදීමට ගිය නිලධාරියාට ‘අපි පැමිණිල්ලේ අපට මොන සිතාසිද’ යනුවෙන් මොවුන් බැනවැදී තිබේ.
මොවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart