
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරු දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පී.දිල්මි මදුභාෂිනි නම් 25 හැවිරිදි දෙදරු මව පසුගිය වසරේ ජුනි මස 09 වැනිදා ආර්ථික අපහසු හේතුවෙන් සෞදි අරාබියේ රැකියාවකට ගොස් ඇති අතර, එහිදී ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් ඇය මියගොස් තිබේ.
ඇයගේ සැමියාටද නිසි රැකියාවක් නොමැති අතර ඔහු කුලී වැඩවල නිරත වේ.
අදාළ කාන්තාව දඹුල්ලේ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් මාර්ගයෙන් විදෙස් ගතවී තිබේ.
ඒ අනුව, සවුදි අරාබියේ රියාද් ප්‍රදේශයේ ගෘහ සේවයට යන ඇය, කිහිප වතාවක්ම නිවසට කතාකර කියා ඇත්තේ, ඇයට එම නිවසේදී හිරිහැර සිදුවන බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් 09 වැනිදායින් පසු ඇය සිය නිවසට කතාකර නොමැති බවත්, මාසෙකට ආසන්න කාලයක් ඇගෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත්, ඇයගේ සැමියා සඳහන් කරයි.
ඇයව විදේශ රැකියා ඒජන්සිය වෙත සම්බන්ධ කළ තැරව්කරු පසුගියදා (09) ඇයගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාගෙන ප්‍රකාශ කර ඇත්තේ, ඇය මේ වන විටත් මියගොස් ඇති බවයි.
ඇගේ සිරුර ලංකාවට ගෙන්වා ගැනීමට මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරිවරයා හමුවී එහි ඇති පත්‍රිකාව පුරවා හැකි ඉක්මණින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරිවරයාට බාරදෙන ලෙසත්, ඉන් අනතුරුව ඇයගේ සිරුර ලංකාවට ගෙන ඒමේ වැඩකටයුතු ඔවුන් සකස් කර දෙනු ඇති බවත්, තරව්කරු පවසා ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බවත්, කඩිනමින් ඇයගේ මළ සිරුර ගෙන්නවා ගැනීමට අවශ්‍ය පහසුකම් සකස් කර දෙන ලෙසත් විදේශ සේවා නීයුක්ති කාරාංශයෙන් ඉල්ලීමක් කරන බව ඇයගේ සැමියා පවසා තිබේ.
එමෙන්ම ඇයගේ ඥාතීන් ඉල්ලා ඇත්තේ, මෙම මරණය සැක සහිත බැවින් කඩිනමින් සිරුර ලංකාවට ගෙන්වාගෙන පරීක්ෂණයක් සිදුකර ඇයගේ දරුවන්ට සහ ස්වාමියාට සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart