
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින මහජනතාවට ණය මෝරුන්ගෙන් එල්ල වන තර්ජන පිළිබඳ සොයා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළේය.
අද (ජනවාරි 12) පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ, අන්තර්ජාල ණය සේවා කිහිපයක් දේශීය වෙළඳපොළට ඇතුළු වී අහිංසක මහජනතාවට බර පටවමින් සිටින බවයි.
මෙම ඔන්ලයින් ණය සේවා බොහොමයක් ක්‍රියාත්මක කරන්නේ විදේශිකයන් විසින් බව පැවසූ ඔහු, මෙම ණය මෝරුන් ණය සඳහා 300% කට ආසන්න අධික පොළී අනුපාත අයකරමින් සිටින බව අනාවරණය කළේය.
“ණය මුදල හෝ පොළිය නියමිත කාලය තුළ ආපසු ගෙවීමට නොහැකි නම්, ඔවුන් ණය ලබාගන්නා අයගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයගේ ඡායාරූප භාවිතා කරමින් ෆේස්බුක් හරහා බ්ලැක්මේල් කිරීමට සහ අපහාස කිරීමට කටයුතු කරනවා. අනියම් සබඳතා කියාගෙන, පවුල් කඩන තැනට පවා යනවා.” ඔහු පැවැසීය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවත්, එම ගැටලුව විසඳීමට ප්‍රමාණවත් නීති නොමැතිවීම වැනි නීතිමය ගැටලු කිහිපයක් පවතින බවත් එහිදී සඳහන් කළ බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවැසීය.
නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන නව පනතක් හරහා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart