
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථාන සෙනෙට් සභික තහීර් බිසෙන්ජෝ බලුකිස්තානයේදී අතුරුදහන් කිරීම් පිළිබඳ ගැටළුව විසඳීමට පාකිස්ථාන පාර්ලිමේන්තුව අපොහොසත් වීම විවේචනය කර ඇති බව, බලුකිස්තාන් පෝස්ට් (Balochistan Post) වාර්තා කරයි.
බලුකිස්තානයේ තත්ත්වය බරපතළ බවත්, තම සමීපතමයන් අතුරුදන් වීම නිසා පීඩාවට පත් වූ පවුල් මුහුණ දෙන පීඩාවන් පිළිබදවත් ඔහු අවධාරණය කර තිබේ.
මෙම ප්‍රශ්නය නොසලකා හැරීම නොව, මේ සදහා අවධානය සහ විසඳුම් ලබාදීම අවශ්‍ය වන බවද හෙතෙම වැඩිදුරටත් එහිදී පෙන්වා දී ඇත.
තහීර් බිසෙන්ජෝ පාකිස්ථාන රජයෙන් ඉල්ලා සිටියේ, විසඳුමක් ලබා ගැනීම සඳහා Baloch Yakjehti කමිටුවේ නායකයන් සමඟ සාකච්ඡාවල නිරතවන ලෙසයි.
එහි තත්වය පාලනය නොකළහොත්, බලුකිස්තානයේ නොසන්සුන්තාවන් තවත් උත්සන්න විය හැකි බවට ඔහු අනතුරු ඇඟවා ඇත.
ඉස්ලාමාබාද්හි විරෝධතා පාගමනෙහි ක්‍රියාකාරිකයකු වන, මහරන්ග් බලුච් (Mahrang Baloch) ඉස්ලාමාබාද්හි පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලීම් කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ.
මහරන්ග් බලුච්, පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ, ව්‍යාජ හමුවීම්වලදී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ යැයි කියනු ලබන මරණ “පාපොච්චාරණය” කරන ලෙසයි.
සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ව්‍යාජ නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙස ද ඇය ඉල්ලා සිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart