
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීට දින කිහිපයකට පෙර බණ්ඩාරවෙල බදුලුගස්තැන්න ප්රදේශයේ නියුමෝනියාව වැළඳී මියගොස් සිටි 25 හැවිරිදි රශ්මිකා නදිශානි නැමති තරුණියගේ වළ දමා තිබූ සිරුර ගොඩගෙන නිරුවත් කර තිබියදී සොයාගැනීමේ කැළඹිලි සහගත සිද්ධියක් සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බණ්ඩාරවෙල ප්රදේශයේ පදිංචිව සිටි තරුණියගේ මළ සිරුර කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් ගොඩගෙන ඇති බව ඉරිදා සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
මියගිය තැනැත්තිය වෙනුවෙන් හත් දවසේ දානය සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඇගේ පියා ඉරිදා උදෑසන දැරියගේ සොහොන වෙත ගිය අවස්ථාවේ මෙම දර්ශනය දැක ඇත.
කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු සිරුර ගොඩගෙන නිරුවත් කර ඇති බව දැක පියා ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසක් පොලිසියට පැමිණිලි කර ඇත.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මියගිය තැනැත්තියගේ සිරුර ගොඩගෙන ලිංගික ක්රියාකාරකම්වල නිරතව ඇති බවට බණ්ඩාරවෙල පොලිසිය සැකකරයි.
මෙම සොයාගැනීමෙන් අනතුරුව බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්රාත්වරයා සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් දේහය පරීක්ෂා කර ඇත.
අනතුරුව මෘත ශරීරය එම ස්ථානයේම නැවත වළදමා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart