January 7, 2024

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර විසින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්කකර ගෙන පවත්වන දිස්ත්‍රික් සමුළු මාලාවේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අද පැවැත්විණි.

ඒ සඳහා සිහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව විශාල ජනතාවක් නුවරට පැමිණ සිටි බව වාර්තා වේ.

ඒ, දිලිත් ජයවීරගේ සතුටු දැයක් නව්‍ය සංකල්පය හා එකතුවෙමින් ඊට සහය දීම සඳහාය.

ව්‍යවසායක රාජ්‍යක් තුළින් සතුටින් සිටින ජාතියක් නිර්මාණය කිරිම සඳහා සිය උපාය මාර්ගික සංකල්පය බව දිලිත් ජයවීර පවසයි.

ඒ අනුව එම සංකල්පය ක්‍රියාත්මක කිරීමට තම සාර්ථක ව්‍යවසායක අත්දැකීම් බෙදා ගැනීමට දිලිත් ජයවීර සිය පක්ෂ හරහා සැලසුම් කර තිබේ.