
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්රේනයේ රුසියාව වෙනුවෙන් සටන් කරන විදේශිකයන්ට හා ඔවුන්ගේ පවුල්වලට රුසියාවේ පුරවැසිභාවය ලබාදීමට අවසර ලබාදෙමින්, ජනාධිපති ව්ලැඩිමීර් පුටින් (Vladimir Putin) නියෝගයක් නිකුත් කර තිබේ.
“විශේෂ හමුදා මෙහෙයුම” ලෙස හඳුන්වන කාලය තුළ, ගිවිසුම් අත්සන් කර ඇති පුද්ගලයන්ට සිය කලත්‍රයන්, දරුවන් සහ මාපියන් සඳහා රුසියානු විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ඉල්ලුම් කළ හැකි බව අදාළ නියෝගයේ සඳහන් වේ.
සුදුසුකම්ලත් අය අතරට සාමාන්‍ය සන්නද්ධ හමුදා හෝ වෙනත් මිලිටරි ආකෘතීන් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති පුද්ගලයන් ඇතුළත්වන බව එහි දැක්වේ.
මිලිටරි අත්දැකීම් ඇති විදේශිකයන් රුසියානු හමුදාවට බඳවාගැනීම මෙහි අරමුණ වී තිබේ.
යුක්රේන යුද්ධය හේතුවෙන්, ගැටුම ආරම්භ වනවිට එහි සිටි පුද්ගලයන්ගෙන් 90%කට ආසන්න සංඛ්‍යාවක් රුසියාවට අහිමි වී ඇති බව එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තා සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart