
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමා රඳවා සිටි අනුරාධපුර බන්ධනාගාරයේ සිර කුටියෙන් දෙවතාවත්ම පිටතට ගෙන, තමා දණගැස්සූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ, ඔහුගේ ඉණේ තිබූ පිස්තෝලය අතට ගෙන එය ‘ලෝඩ්’කර තමාගේ නළලට තබා “උඹ කියන්නේ බොරු, ‘ඇත්ත කියපන්” කියා තර්ජනය කළ අවස්ථාවේ, වෙඩි තබා තමා මරා දමාවියැයි බිය දැනී හැඩුවේ යැයි අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ත්‍රස්තවාදී සිරකරුවකු වන පූබාලසිංහම් සූරියපාලන් නමැත්තා සාක්කි දෙමින් අනුරාධපුර මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය හමුවේ ඊයේ (04) පවසා ඇත.
ඔහු මෙසේ පැවැසුවේ, බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ රාත්‍රී කාලයේ බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි රඳවා සිටි දමිළ ජාතික රැඳවියකුට ගිනි අවියක් එල්ල කර වෙඩිතබා මරාදැමීමට හැකි බව පවසමින්, සාපරාධී බියවැද්දීම යටතේ පවරා ඇති නඩු විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ සමදරී පියසේනගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමිනි.
නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාත් එවින්ද රත්වත්තේ අධිකරණයේ පෙනී සිට ඇත.
2021 සැප්තැම්බර් 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රාත්‍රි කාලයේදී අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි පූබාලසිංහන් සූරියපාලන් නමැත්තා දෙසට ගිනි අවියක් එල්ල කර, වෙඩි තබා මරාදැමීමට හැකි බව පවසා, සාපරාධී බියවැද්දීම සහ තර්ජනය කිරීම යටතේ විත්තිකරුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය චෝදනා නඟා තිබේ.
විත්තිකරුට එරෙහිව සාක්ෂිදීම සඳහා සිද්ධිය වූ බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරීන් සහ එහි රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනකු නම්කර ඇත.
විත්තිකරුට එරෙහි චෝදනා මීට පෙර අවස්ථාවක කියවා දුන් අවස්ථාවේදී සියලු චෝදනාවන්ට තම සේවාදායකයා නිවැරැදිකරු බව ලොහාන් රත්වත්තේ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් දැනුම්දීමෙන් අනතරුව නඩුව විභාගයට තැබීය.
ඒ අනුව, නඩු විභාගය ආරම්භ කළ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ සමදරී පියසේනගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සාක්ෂිකාර පූබාලසිංහම් සූරියපාලන් නමැත්තා, ද්‍රවිඩ භාෂාවෙන් දුන් සාක්ෂිය අධිකරණ භාෂා පරිවර්තක ඉර්ෆාන් මොහොමඩ් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.
”එල්ටීටීඊ සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කළැයි කියමින් 2019 ජනවාරි 08 වැනිදා වව්නියාව පුලියන්කුලම පොලිසිය මා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කළා. බන්ධනාගාරයට ගෙනා මා ත්‍රස්තවාදී සිරකරුවන් රඳවා සිටි අනුරාධපුර බන්ධනාගරයේ එෆ් කියන සිරකුටියට දැම්මා. එහි මා සමඟ තවත් ත්‍රස්තවාදී සිරකරුවන් 11 දෙනෙක් හිටියා. 2021 සැප්තැම්බර් 12 වැනිදා අප සිටිය සිරකුටියට පැමිණි ජේලර් කෙනකු කිව්වා ‘අපිව නිදහස් කරන්න අත්සන් ගන්න ඕනේ. අපි හමුවෙන්න බන්ධනාගාර ඇමැතිතුමා ඇවිත් ඉන්නවා’ කියලා. පස්සේ සිරකුටියෙන් එළියට ගත් අප මිදුලේ පෝලිම් කළා. ඒ අවස්ථාවේ එතැන අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ප්‍රධාන ජේලර්වරයා සහ බන්ධනාගාර පොලිස් නිලධාරින්ද හිටියා.
ඒ අතරේ තවත් පිරිසක් සමඟ තොප්පියක් දාලා අත් දිග ටී ෂර්ට් එකක් ඇඳගෙන තවත් පුද්ගලයෙක් හිටියා. ඔහුගේ ඉණේ දකුණු පැත්තේ පිස්තෝලයක් ගහගෙන හිටියා. ඔහු කතා කර අපෙන් ඇහැව්වා ‘මොන වගේ නඩුවලට සම්බන්ධ වෙලාද බන්ධනාගාරගත වෙලා ඉන්නේ කියලා’ ඒ අවස්ථාවේදී මට සිංහල නොතේරෙන බව සුදාහරන් මාර්ගයෙන් මම එයාට කිව්වා.
ඒ අවස්ථාවේ ඔහුගේ ඉණේ තිබූ පිස්තෝලය අතට ගෙන එක්වරම ලෝඩ් කරලා මගේ නළලට තියලා ‘උඹ සිංහල දන්නෙ නැහැ කියන්නේ බොරු නේද? ඇත්ත කියපන්’ කියලා කීවා. මේ විදිහට ඔහු මා දෙවතාවක්ම දණ ගස්වලා මගේ නළලට පිස්තෝලය තියලා තර්ජනය කළා.
ප්‍රශ්නය – ඒ වෙලාවේ ඔබට මොකක්ද හිතුණේ?
පිළිතුරු:- වෙඩි තියලා මාව මරයි කියලා මට ලොකු බයක් ඇතිවුණා. මට ඇඩුණා.
ප්‍රශ්නය – විත්තිකරු පිස්තෝලය ලෝඩ්කරන අවස්ථාවේ යම් සිද්ධියක් වුණාද?
පිළිතුර – ඔව්. බන්ධනාගාර අධිකාරිවරයා විත්තිකරුගේ අතින් ඇල්ලුවා.
ප්‍රශ්නය – තමාගේ නළලට පිස්තෝලය තියලා බයකරපු කෙනා අද මේ අධිකරණයේ ඉන්නවාද?
පිළිතුර – ඔව්. විත්ති කුඩුවේ ඉන්නවා.”
සාක්ෂිකාර පූබාලසිංහම් සූරියපාලන් නමැත්තා විත්තිකාර රාජ්‍ය ඇමැති ලෙහාන් එවින්ද රත්වන්නේ විවෘත අධිකරණයේදී හඳුනාගෙන ඇත.
“ඔහු මගේ නළලට පිස්තෝලය තියලා තර්ජනය කරලා බයකරපු අවස්ථාවේ එතැන අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාත් ප්‍රධාන පේලර්වරයාත් තවත් නිලධාරිනුත් බන්ධනාගාර පොලිස් නිලධාරිනුත් හිටියා. ප්‍රධාන ජේලර්වරයා මුලින්ම අපිව සිරකුටිවලින් එළියට ගත්තේ නිදහස් කරන්න අත්සන් ගන්න බන්ධනාගාර ඇමැතිතුමා ඇවිත් ඉන්නවා කියලා.
මා දෙවතාවක් දණ ගස්සලා පිස්තෝලය නළලට තියලා තර්ජනය කළ සිද්ධිය ගෙවල්වලට කියන්න කෝල් අරන් දෙන්න කියලා බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු නිලධාරීන්ට කීවත්, ඔවුන් ඒ අවස්ථාව අපට දුන්නේ නැහැ. පසු අවස්ථාවක මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාරයට ඇවිත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපෙන් ප්‍රකාශ ගත්තා. ඉන් පසු කොළඹ මැගසින් බන්ධනාගාරයට අපිව මාරුකළා.”
වැඩිදුර නඩු විභාගය ලබන අප්‍රේල් 25 වැනිදාට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා, එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart