
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දීර්ඝ කාලීන ලේ වැගිරීම්වලින් පසුව, කාශ්මීරයට සාමකාමී වාතාවරණයක් උදා වී ඇති අතර, දශක ගණනාවක් දුක්විඳි කාශ්මීර කලාපයේ පීඩිත තරුණයන් සවිබල ගැන්වීම සදහා ඉන්දීය හමුදා සම්බන්ධ වී ඇත.
මේ පිළිබදව, බටහිර ලෝකයෙන් පමණක් නොව ඉන්දියාවේ පරම සතුරා වන පාකිස්ථානයෙන් ද ප්‍රශංසා ලැබී තිබේ.
ඒ අනුව, දුෂ්කර ප්‍රදේශවල කාන්තාවන් හමුදාව විසින් පවත්වාගෙන යන වැඩමුළුවලින් රෙදි විවීම, මැසීම, කැපීම හා පරිගණක දැනුම පිළිබඳවද ඉගෙන ගනිමින් සිටිති.
එපමණක් නොව, හමුදාව විසින් දිනපතා වෛද්‍ය කඳවුරු, චිත්‍රපට උත්සව, කඳු නැගීම, ගවේෂණ සහ ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කරන අතර උසස් අධ්‍යාපනය හා ක්‍රීඩා පහසුකම් සපයනු ලබයි.
කාශ්මීර කාන්තාවන්ට හමුදා සාමාජිකයන් සමඟ සන්නිවේදනය කිරීමට උපකාර කිරීම සඳහා, ඉන්දියානු හමුදාව කාන්තා සොල්දාදුවන් කලාපය තුළ යෙදවීමටද කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
කාශ්මීරයේ වෙළඳාම හා සංචාරක ව්‍යාපාරය නංවාලීමට තුඩු දුන්, චෙනාබ් (Chenab ) ගඟට මීටර් 359ක් ඉහළින් ලොව උසම දුම්රිය පාලම ඉදිකිරීමද ඉන්දීය හමුදාව විසින් සිදුකරන ලදී.
දුෂ්කර භූමි ප්‍රදේශවල උමං මාර්ග ඉදිකර ඇති අතර, කාශ්මීරයේ ළඟාවිය නොහැකි ප්‍රදේශවලට ස්වභාවික විපතක් සිදු වූ විට ඉන්දියානු හමුදාව මානුෂීය ආධාර සැපයීම සඳහා ප්‍රධාන වී කටයුතු කරයි.
2022 මාර්තු මාසයේදී පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, අසල්වැසි රටවල් දෙකේ හමුදාවන් සංසන්දනය කර “ඉන්දියානු හමුදාව දූෂිත නොවන අතර, ඔවුන් කිසිවිටෙකත් සිවිල් පාලනයට මැදිහත්වන්නේ නැත” යැයි පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart