
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව විශාලතම සංචාරක නෞකාව ලෙසින් සැළකෙන “අයිකන් ඔෆ් ද සීස් ” එහි පළමු සංචාරකයන් පිරිස පිළිගැනීමට සූදානම් බව වාර්තා වේ.
අඩි 1,198ක් දිග, ටොන් 250,800ක් බර “අයිකන් ඔෆ් ද සීස්” විනෝද කෲසර්සුඛෝපභෝගී නෞකාව එහි අත්හදා බැලීමේ ගමනේ කොටසක් ලෙස පුවර්ටෝ රිකෝහි පෝන්ස් වරායේ නැංගුරම් ලා ඇති අතර, ඒ අනුව ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයන්ට එය දැකගැනීමට අවස්ථාව උදා වී තිබේ.
අවාසනාවන්ත ලෙස අනතුරකට මුහුණ පෑ ටයිටැනික් නෞකාවට වඩා පස් ගුණයකින් විශාල වූ තට්ටු 20කින් යුත් මෙම නෞකාව, මෙම කැරිබියන් දූපතේ දකුණු වෙරළ තීරයේ නගරයට ඉහළින් දර්ශනය වේ.
රෝයල් කැරිබියන් කෲස් ලයින් සමාගම විසින් ඩොලර් බිලියන 2ක් (පවුම් බිලියන 1.58ක්) වැයකර ඉදිකළ දැවැන්ත නෞකාව, ආහාර ශාලාවක්, පිහිනුම් තටාක හයක් සහ ලොව ඕනෑම සංචාරක නෞකාවක විශාලතම මුහුදු ජල උද්‍යානයෙන් සමන්විත බව සමාගම කියයි.
ගනුදෙනුකරුවන් සඳහා එහි මංගල යාත්‍රා කිරීම ජනවාරි 27 වැනි දින ෆ්ලොරිඩාවේ මියාමි වෙතින් කැරිබියන් දූපත් වටා රාත්‍රී හතක සංචාරයක් සඳහා පිටත් වීමට නියමිතය.
එහි එක් නැවතුම් ස්ථානයක් වන්නේ බහමාස් රාජකීය කැරිබියන් දූපත්වලට අයත් පෞද්ගලික දූපතක් වන ‘පර්ෆෙක්ට් ඩේ ඇට් කොකෝකේ’ දූපතයි.
අඩි 55ක දිය ඇල්ලකින් ද සමන්විත මෙම නෞකාවේ අමුත්තන් 7,600ක් සඳහා නවාතැන් පහසුකම් සැපයිය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart