
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“කුසල් මෙන්ඩිස් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා නව ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙන පසුබිමක පෙරේදා එස්.එස්.සී සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගනණයේ පැවැති තරගයේ දී ස්ලිප් ක්‍රීඩකයෙක් වෙත පහසු උඩපන්දුවක් ලබා දී ජෙෆ්රි වැන්ඩර්සේගේ පන්දුවකට ලකුණු නොලබා දැවී ගොස් තිබේ.
මෙම දැවී යෑමත් සමග කෝපයෙන් ක්‍රීඩාගාරයට පැමිණෙන කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාර ප්‍රවේශයේ යකඩ දොරට පහර දී එයට අලාභානි සිදුකර ඇත.
මේ සමග ඇතිවුන විශාල ශබ්ධය කුමක්දැයි බැලීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ කළමනාකාරවරයා ක්‍රීඩාගාරයට එන විට
වියරුවෙන් සිටි කුසල් මෙන්ඩිස්ව දැක ඇතත් දැවීයෑමේ ලජ්ජාව සහ වේදනාව නිසා හැසිරෙන ආකාරය සම්බන්ධව වැඩි තැකීමක් නොකර එතැනින් ඉවත් වී යන්නට සැරසී තිබේ.
එම අවස්ථාවේ දී ඔහු කළමනාකාරවරයාට පරුෂ වචනයෙන් බැනවැදී ඇති අතර, “තොපි කුණු විකට් හදලා.. මේවයෙ කොහොමද බැට් කරන්නේ.. බලන් ඉඳපල්ලා.. බ්ලූම්ෆීල්ඩ් එකෙක් ශ්‍රී ලංකා ගස්සන්නේ නෑ..” ලෙස තර්ජනය කර ඇත.
එසේ තර්ජනය කිරීමත් සමඟ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ කළමනාකාරිත්වය මෙම හැසිරීම සම්බන්ධව තරගයේ තීරකවරයාට සහ විනිසුරුවරුන්ට ලිඛිතව දැන්වීමෙන් පසු එම වාර්තාව ද සහිතව තරගයේ අවසන් වාර්තාව තරග තීරකවරයා විසින් මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යොමුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart