
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය විසින් ප්රකාශයට පත්කරන ලද එකතු කළ අගය මත බද්ද (VAT) 15% සිට 18% දක්වා වැඩිකිරීම හේතුවෙන් සියලුම ජංගම දුරකථන, ජංගම දුරකථන බ්රෝඩ්බෑන්ඩ්, ස්ථාවර බ්රෝඩ්බෑන්ඩ්, ගෙවුම් රූපවාහිනිය සහ අගය එකතු කළ සේවාවන් සඳහා අදාළ බදු 01/01/2024 දින සිට ක්රියාත්මක වන පරිදි වැඩි කර ඇත.
වැට් ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මිල වෙනස් වන ආකාරය පිළිබඳව ඩයලොග්(Dialog Axiata) ආයතනය දැනටමත් සිය පාරිභෝගිකයන් වෙත සටහනක් ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව දුරකථන ගාස්තු, කෙටි පණිවිඩ සේවාව,වෙනත් අගය එකතු කළ සේවාවන් සහ ගෙවුම් රූපවාහිනී සේවා වෙනුවෙන් වැට් බදු සංශෝධනයද ඇතුළත්ව 42.02%ක සමස්ත බද්දක් අයකෙරෙනු ඇත.
එසේම WiFi සහ IDD සේවාවන් සඳහා වැට් බදු සංශෝධනයද ඇතුළත්ව 23.5%ක බද්දක් අයකෙරෙනු ඇත.
පහත දිගුව ඔස්සේ එම සම්පූර්ණ ගාස්තු සංශෝධන ලබාගත හැකිය.
https://www.dialog.lk/revision
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart