
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්රබල පාතාල නායකයකු ලෙස සැළලකෙන අංගොඩ ලොක්කාගේ බිරිය දරුවකුගේ අපලයක් දුරු කිරීම සඳහා රුහුණු කතරගම දේවාලයට පූජා කළ පවුම් 38ක් පමණ බර රන් තැටියක් නැතිවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්රධාන කපුවා අබිරහස් ලෙස අතුරුදන්ව සිටින බවට ඔහුගේ දියණියන් දෙදෙනකු සහ මුනුපුරකු පැමිණ කතරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
තම පියා වැඩිමහල් සහෝදරියන් දෙදෙනකු සමඟ පිටත්ව ගිය බව පැමිණිල්ලේ සඳහන් වේ.
මේ පැමිණිල්ල විභාග කිරීම සඳහා අද (26) දිනයේ පොලීසියට පැමිණෙන ලෙස දෙපිරිසටම දැනුම් දී ඇති බවත් කපුවා සමඟ ගිය වැඩිමහල් සහෝදරියන් දෙදෙනා මේ වන විට මහනුවර ප්රදේශයේ සිටින බවත් ඔවුන්ටද අද (26) දිනයේ පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත් පොලිසිය කියයි.
තම පියාගේ අතුරුදන්වීමට අඹුසැමි යුවළක් සම්බන්ධ බවට එම පැමිණිලිවල සඳහන් කර ඇති අතර ඔවුන් දෙදෙනා පවුලේ සමීපතමයන් බවද පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසයි.
තම පියා එම දෙදෙනාගේ නිවෙසට ඉකුත් 08වැනිදා ගිය පසු මෙසේ අතුරුදන්ව සිටින බවද දරුවන් පොලිසියට ප්රකාශ ලබා දී ඇති අතර ඔවුන්ගෙන් තම පියා ගැන විමසුවත් ඊට පැහැදිලි පිළිතුරක් දීමට ඔවුන් අපොහොසත් වී තිබිණි.
පාතාල ලෝකයේ නායකයකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් ඔවුන්ගේ දරුවකුට ඇති වී ඇතැයි කියන අපලයක් දුරුකිරීම සඳහා රුහුණු කතරගම දේවාලයට පූජාකළ පවුම් තිස් අටක් පමණ බර රන් තැටියක් නැතිවීම සම්බන්ධයෙන් රත්නායකට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, රන් තැටිය නැතිවීම සම්බන්ධයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන ඩිෂාන් වික්රමරත්න විසින් රත්නායක ට එරෙහිව 2021දී එවක සිටි පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන්ද ප්රකාශයක් ගැනීමට රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්රධාන කපුවාට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart