
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) මේ වන විට ක්‍රියාත්මක වන ස්වේච්ඡා විශ‍්‍රාම ක‍්‍රමයක අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලයේ පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම පැතීමට නියමිත බව ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.
යෝජිත විශ‍්‍රාම ක‍්‍රමයේ අක්‍රමිකතා කිහිපයක් දැනටමත් ඒ සඳහා ඉල්ලුම් කර ඇති ඇතැම් සුදුසුකම් ලත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට බලපා ඇති බව ITN හි අගතියට පත් කාර්ය මණ්ඩල සාමාජිකයන් පවසා තිබේ.
යෝජිත ස්වේච්ඡා විශ‍්‍රාම ක‍්‍රමය මෙම වසරේ ජූනි 13 වන දින නිකුත් කරන ලද ආයතනික චක්‍රලේඛයක් (ITN/1551) මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, කාර්ය මණ්ඩල සාමාජිකයන් 113 දෙනෙකු මෙම යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.
මෙම විශ‍්‍රාම ක‍්‍රමය මගින් අගතියට පත් කාර්ය මණ්ඩල සාමාජිකයන් කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇති අතර පළමු පරීක්ෂණය ඔක්තෝබර් 17 වැනි දින නැගෙනහිර කොළඹ සහකාර කම්කරු කොමසාරිස්වරයා ඉදිරියේ පාත්වා ඇත.
සේවකයන් පෙන්වා දෙන අක්‍රමිකතා අතර දිගු සේවා කාලයක් ඇති අයට සාපේක්ෂව කෙටි සේවා කාලයක් සහිත අයදුම්කරුවන් අනුමත කිරීම, නියමිත වයස් සීමාව අවුරුදු 50 ඉක්මවූ සේවක සේවිකාවන් අනුමත කිරීම සහ ඒ සඳහා දර්ශක අංක නිකුත් නොකිරීම යන ගැටළු වන බව පැවැසේ.
එසේම, පසුගිය වසරේ වැටුප් රහිතව විදේශ රැකියා සඳහා ITN හැර ගිය සේවකයන් කිහිප දෙනෙකුට ස්වේච්ඡා විශ‍්‍රාම ක‍්‍රමය යටතේ වන්දි අනුමත කිරීම සහ ඇතැම් අනිවාර්ය ඒකකවල එකම නිලය දරන සේවකයින්ට පවා විශ‍්‍රාම ක‍්‍රමය ලබාදීම බරපතල අක්‍රමිකතා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart