
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියන්මාරයේ සයිබර් අපරාධ වහල් කඳවුරුවලට ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විකිණූ ජාවාරමේ මෙරට ප්‍රධානියා ලෙස සැළකෙන චීන ජාතිකයා ඇතුළු සිව්දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් සිව්දෙනාගෙන් සෙසු තිදෙනාම ශ්‍රී ලාංකිකයෝ වෙති.
මේ අතර, මෙම මහා ජාවාරමට සම්බන්ධ තවත් සංවිධානාත්මක පිරිසක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
මියන්මාරයේ තායිලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි එරට පාතාල කණ්ඩායම් විසින් පාලනය කරන සයිබර් අපරාධ සිදුකර මුදල් ඉපැයීමේ මධ්‍යස්ථාන 03ක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනකු සිරකරගෙන සිටින බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම කඳවුරුවල සිරිකරගෙන සිටි තරුණයන් අතරින් බේරී ආ සිව්දෙනකු මෙම ජාවාරම පිළිබඳව කරුණු අනාවරණය කිරීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේය.
මෙහිදී අනාවරණය වූයේ මියන්මාරයේ පමණක් නොව කාම්බෝජය, තායිලන්තය සහ ලාඕසය යන රටවලද මෙවැනි වහල් කඳවුරු ක්‍රියාත්මක වන බවයි.
මෙම රටවල පරිගණක ක්‍ෂේත්‍රයට අදාළ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව කියමින් මෙරට තරුණ තරුණියන් රවටා මෙම සංවිධානාත්මක කණ්ඩායම් විසින් මොවුන් එම රටවල පාතාල කණ්ඩායම්වලට ඉහළ මිල ගණන් වලට අලෙවිකර ඇති බව මේ වනවිට හෙළිවී ඇත.
එසේ රැගෙන යන තරුණ තරුණියන් විවිධ වධ බන්ධනයන්ට ලක්කරමින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන අපරාධ සඳහා ඔවුන් යොදාගෙන ඇති බව ද වාර්තාවෙයි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, සංචාරක වීසා ලබාගෙන කිසිම රටක රැකියාවක් සඳහා යෑමට කටයුතු නොකරන ලෙසයි.
විශේෂයෙන්ම තායිලන්තය, කාම්බෝජය, මියන්මාරය, ලාඕසය සහ ඩුබායි රාජ්‍යයේ පරිගණක ක්‍ෂේත්‍රයට සම්බන්ධ රැකියා සඳහා යෑමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart