
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චෙක් ජනරජය දෙසැම්බර් 23 වැනි සෙනසුරාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඊට හේතුව වූයේ, ප්‍රාග් නුවර විශ්වවිද්‍යාලයකදී තුවක්කුකරුවකු විසින් පුද්ගලයන් 14 දෙනකු ඝාතනය කර 25 දෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධියයි.
යුරෝපීය ඉතිහාසය තුළ මෑතකදී සිදු වූ දරුණුතම සමූහ වෙඩිතැබීම මෙය බවටද වාර්තා වේ.
පොලිසිය පවසන්නේ, තුවක්කුකරු විසින් ඔහුගේ පියාවද ඝාතනය කර ඇති බවට විශ්වාස කෙරෙන අතර, පසුගිය සතියේ සිදුවූ පුද්ගලයන් දෙදෙනකුගේ මරණයටද ඔහු සම්බන්ධ බවයි.
තුවක්කුකරු විශ්වවිද්‍යාලයේම 24 හැවිරිදි ශිෂ්‍යයකු බව හදුනාගෙන තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 25 දෙනාගෙන් 10 දෙනකුට බරපතල තුවාල සිදු වී ඇති බව වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් චෙක් අගමැති Petr Fiala පවසන්නේ, සෙනසුරාදා දිනය ශෝක දිනයක් වන බවත්, සියලුම පොදු ගොඩනැගිලිවල කොඩි අඩකුඹු කරන බවත්, මධ්‍යම රාත්‍රියේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart