
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්ක ඉක්මවා රුපියල් බිලියන 950ක ආදායමක් ලබාගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
එමෙන්ම මේ වනවිට රුපියල් බිලියන 940ක අදායම් ඉලක්ක ඉක්මවීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි ඇමැතිවරයා සඳහන් කරයි.
රේගු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද නත්තල් කැරොල් ප්‍රසංගයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පවසා ඇත.
2023 වසරේ දී රේගුවට ආදායම ලෙස රුපියල් බිලියන 1,217ක ඉලක්කයක් ලබා දී ඇති අතර, ආනයන සීමාකිරීම් ඇතුළු කරුණු හේතුවෙන් එය පසුව රුපියල් බිලියන 894 දක්වා පහත වැටී තිබේ.
එම ඉලක්කය ඉක්මවා යමින් රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උපයා ගැනීමට රේගු දෙපාර්තමේන්තුව දැනටමත් සමත්ව ඇත.
රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මේ මොහොතේ රජයේ ආදායම ඉහළ නැංවීමට කැපවී කටයුතු කරන නිලධාරීන් ජාතික වීරයන් බව ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart