
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලිබල, බැංකු, රක්ෂණ, ටෙලිකොම් සහ තැපැල් ආදී ක්ෂේත්‍ර විකිණීමට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට එළැඹීම සඳහා වෘත්තීය සමිති රැසක් ලබන සතියේ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ මේ වන විට විවිධ මුහුණුවරවලින්, විවිධ හැඳින්වීම් සමග රාජ්‍ය ව්‍යවසාය සහ මහජන දේපළ පෞද්ගලීකකරණයට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවයි.
ඒ අනුව එම තත්ත්වයට මුහුණදෙන ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති පුළුල් ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම්කර ඇත.
ඒ අනුව විවිධ දේශපාලන පක්ෂවලට අනුබද්ධ වූ සහ දේශපාලන පක්ෂවලට අයත් නොවූ විවිධ වෘත්තීය සමිතිවලින් සැදුම්ලත් ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති අතර මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
එහිදී ඒ ඒ ක්ෂේත්‍රවල අවශ්‍යතා මුල් කරගත් එකඟතාවක් ඇති කරගැනීම අපේක්ෂා කරන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
ඒ සඳහා වන සාකච්ඡා දෙසැම්බර් 28 වැනිදා තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මේ වන විට විදුලිබල, බැංකු, රක්ෂණ, ටෙලිකොම් සහ තැපැල් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිය සමිති එම සාකච්ඡාවට එකඟතාව පළකර තිබෙන බව වාර්තා වේ.
පෞද්ගලිකකරණය ඇතුළු කරුණුවලට එරෙහිව පසුගිය සති කිහිපය තුළ තැපැල් සහ ටෙලිකොම් වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගවලට පිවිස ඇති අතර පසුගිය සතියේ ටෙලිකොම් වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක ද නිරත විය.
තැපැල් වෘත්තීය සමිති ද වර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වී තිබේ.
රාජ්‍ය ව්‍යවසාය පවුද්ගලීකරණය හේතුවෙන් රටේ පුරවැසියන් වැඩි ප්‍රමාණයක් ජාතික වෙළෙඳපොළෙන් ඉවත් වීම සහ අදාළ ව්‍යවසායන්හී සේවය කරන සේවකයන්ගේ සේවා කොන්දේසි ඍණාත්මක වෙනසකට ලක්වීම ඇතුළු ආපසු හැරවීමට නොහැකි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බව මෙම සාකච්ඡා සඳහා එක්වන වෘත්තීය සමිති කිහිපයක් පෙන්වා දී තිබේ.
ආණ්ඩුව පෞද්ගලීකකරණ ක්‍රියාමාර්ග සඳහා සැලසුම් ඉදිරිපත් කරමින් සිටියත්, එම කිසිදු පෞද්ගලීකකරණ ක්‍රියාමාර්ගයකට මෑතකාලීන කිසිදු මැතිවරණයකදී කිසිදු දේශපාලන පක්ෂයක් ජනවරමක් ඉල්ලා නොමැති බව වෘත්තීය සමිති අවධාරණය කරයි.
ඔවුන් පෙන්වාදෙන්නේ පාර්ශවකරුවන් සමග විධිමත් සාකච්ඡාවක් හෝ නොමැතිව සිදුකරන මෙම පියවර සාධාරණීකරණය කරනු ලබන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව පවසමින් බවයි.
එහෙත් අන්තර්ජාතික ආයතනයක නිර්දේශ මත පමණක්, මහජන සම්මුතියට පිටින් ක්‍රියාකිරීම ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් නොවන බවත් එය මහජන ස්වාධිපත්‍යයට සහ රටේ ස්වෛරීත්වයට පටහැනි ක්‍රියාවක් බවත් වෘත්තීය සමිති වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart