December 20, 2023

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් තොගය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි.

ඔහුගේ කාර්යාලයේ තිබී සොයාගත් ලිපි ලේඛන සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකෙරෙන බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙරට රෝගීන් 2000කට පමණ ලබාදුන් බව කියන හියුමන් ඉමියුනොග්ලොබියුලින් නමැති ඖෂධ තොගය සම්බන්ධයෙන් චන්ද්‍රගුප්ත ඇතුළු 06 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.