
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලබා ඇති අඛණ්ඩ සතුටුදායක ප්‍රගතිය සැළකිල්ලට ගනිමින් ලෝක බැංකුව විසින් සිය අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලේ දෙවැනි වාරිකය නිකුත්කර තිබේ.
රජයට ආර්ථික සහයක් සපයන මෙම ණය වැඩසටහන 2023 ජූනි 28 දින අනුමත කරන ලදී.
සාර්ව ආර්ථික ස්ථායීතාව යළි ඇතිකිරීමට, දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට ඇති වන බලපෑම් අවම කිරීමට සහ පෞද්ගලික අංශය පෙරටුකර ගත් සියලුදෙනා ඇතුළත් ප්‍රතිසංවිධාන කටයුතු සඳහා සහාය දක්වන මූලික ප්‍රතිසංස්කරණ මාලාවක මෙය තවත් අදියරක් වේ.
මෙම ආධාරය, අරමුදල් මුදාහැරීමට පෙර සම්පූර්ණ කළ යුතු පූර්ව ක්‍රියා හෝ සන්ධිස්ථාන මත රඳා පවතී.
පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා රජය සතුටුදායක ප්‍රගතියක් අත්කරගෙන සිටින බවත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුව ප්‍රමාණවත් ලෙස පවතින බවත්, තැන්පතු රක්‍ෂණ සහ ගැටලු සහගත බැංකු ශක්තිමත් කිරීම අරමුණු කරගත් බැංකු (විශේෂ විධිවිධාන) පනත යන තක්සේරු කිරීම්වලින් පසුව මෙලෙස දෙවැනි වාරිකය නිකුත්කර තිබේ.
“ආර්ථික හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අඛණ්ඩ බව ආර්ථිකය ස්ථාවර කිරීමට පමණක් නොව, පෞද්ගලික අංශයේ නායකත්වයෙන් යුත් වර්ධනය සහ පරිවර්තනය සඳහා ඉතා වැදගත් වේ” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාවේ, නේපාලයේ සහ මාලදිවයිනේ ලෝක බැංකු අධ්‍යක්ෂ Faris H. Hadad-Zervos පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart