
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ කාර්යාලය මුද්‍රා තබන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.
ප්‍රශ්න ගත හියුමන් ඉමියොනෝග්ලෝබියුලින් නමැති එන්නත් තොගයක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ඊයේ (18) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කරනු ලැබීය.
වෛද්‍ය සමන් රත්නායකගේ කාර්යාලය අද (19) පෙරවරුවේ පරීක්ෂා කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ සමන් රත්නායකගේ කාර්යාලයේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
අනතුරුව ඔහු මාලිකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අධිකරණයේදී අනාවරණය වූ කරුණු අනුව, මෙම ඖෂධය ලබාගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අයිසොලේස් බයෝටෙක් සමාගමේ හිමිකරු සමග පසුගිය ජනවාරි 04 වෙනි දා ඇති කරගත් ගිවිසුමක් අනුවයි.
මෙම සිද්ධියට අදාළව එම ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් බව කියන සමාගමේ හිමිකරු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු 05 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart