
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දුටු පමණින් තුරන් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය හෙළාදකින බවත්, නීති පද්ධතියක් ක්‍රියාත්මක වන විට අපරාධකරුවන් තමන්ට කැමැති ආකාරයට තුරන් කිරීමට ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් නොවන බවත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතිඥවරු අවධාරණය කරති.
රටේ මහජන ආරක්ෂක ඇමැතිවරයා සිදුකළ ප්‍රකාශය ඉතා බරපතල බවත්, ඔවුන් ඊට දැඩි ලෙස විරුද්ධ බවත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ කෞෂල්‍ය නවරත්න පවසයි.
”රටේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය විසින් පාලනය කරන පාලන ක්‍රමයක් තිබියදී ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කෙසේද? නීති පද්ධතියක් තියෙද්දී දැක්ක ගමන් වෙඩිතියලා මිනිස්සුන්ව මරන්න මේක පොලිස් රාජ්‍යයක් නෙවෙයි.”
මෙම ප්‍රකාශය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් ගැන ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නීතීඥ සංගමය සාකච්ඡා කරනවා. ඕනෑම සැකකරුවකු වෙනුවෙන් පෙනීසිටිය හැක්කේ ඔවුන්ගේ වෘත්තියේ ස්වභාවයෙන් යුත් නීතිඥවරුන්ට බව ගෝලීය වශයෙන් පිළිගත් සම්මතයක්.”
එමෙන්ම හුදු දේශපාලන විරුද්ධවාදීන් යැයි කියා අහිංසක මිනිසුන් පවා මත්ද්‍රව්‍යවලට කොටුකර ඔවුන් නැතිකරන අවස්ථා අනාගතයේදී උදාවනු ඇති බවද ඔහු පවසයි.
මේ අතර කිසිදු ඇමැතිවරයකු හෝ නිලධාරියකු විසින් ඝාතන දිරිගැන්වීම අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
”නීතිවිරෝධී ඝාතන සිදුකිරීමට පොලිස් නිලධාරීන්ට අවසරදීමේ හෝ දිරිගැන්වීමේ භයානකකම වන්නේ දූෂිත පොලිස් නිලධාරීන් සහ දේශපාලඥයන් තම විරුද්ධවාදීන් ඉලක්ක කර ගැනීමට සහ තමන්ගේම අපරාධ ක්‍රියාකාරකම් සැඟවීමට එසේ කිරීමයි.
අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ මරණවලට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට මූලික අයිතිවාසිකම් කඩකිරීම් සඳහා වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කර තියෙනවා. ඇතැම් විට අත්අඩංගුවේ පසුවන අයගේ මරණවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිරගත කර හෝ මරණ දණ්ඩනයට පවා නියම වෙලා තියෙනවා. තම ප්‍රධානීන්ගේ නීති විරෝධී අණට කීකරු වී අමාරුවේ වැටුණු පොලිස් නිලධාරීන් මට හමුවෙලා තියෙනවා. එහෙම වුණාම ඒ අයව බේරගන්න ප්‍රධානීන්වත්, නීතිවිරෝධී අණට කීකරු වුණ දේශපාලනඥයන්වත් ළඟ නැහැ.” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart