
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වූවා නම් එහි ප්‍රතිවිපාකවලට ද මුහුණ දියයුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා ඇත.
තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත නොවුණේ එහි ප්‍රතිවිපාක දැනගෙන බවත්, එහි අහිතකර ප්‍රතිවිපාක කුමක්දැයි තමා පෙන්වාදුන් කරුණු නොසළකා රජය එම වැඩසටහනට පිවිස ඇති බැවින්, එය පනවන සෑම සියලු අහිතකර කොන්දේසියක්ම ඉටුකිරීමට දැන් සිදුවී ඇති බවත්, ඔහු පවසයි.
නාවල පාරේ සිය කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ බව සඳහන් කර තිබේ.
යමකු බොක්සින් වළල්ලකට පිවිසිය යුත්තේ ප්‍රතිවාදී ක්‍රීඩකයා ප්‍රහාර එල්ලකරන බවට අවබෝධයෙන් යුතුව බවත්, එසේ නොමැතිව ඔහු ‘හොම්බට දෙකක්’ අනින විට ‘ගහනවෝ ගහනවෝ’ කියමින් මොරදීම ඵලරහිත ක්‍රියාවක් බවත්, හෙතෙම සඳහන් කරයි.
රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වීමට පෙර ඔවුන් පනවන පොළී අනුපාත හා බදු වැඩිකිරීම, රජය සතු සම්පත් පෞද්ගලීකරණය කිරීම, රුපියලේ අගය පහළ හෙළීම හා රජය ජනතාවට ලබාදෙන සහන කප්පාදු කිරීම වැනි අහිතකර කොන්දේසි පිළිබඳව දැනුවත්ව සිටිය යුතු බවත්, කළ යුතුව තිබුණේ වෙනත් ඵලදායී දේශීය වැඩපිළිවෙළක් අනුගමනය කිරීම බවත්, හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart