
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ ළමා මව්වරුන් 2000ක් වාර්තාවන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ අනාවරණ කරයි.
ඔහුට අනුව පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් වාර්තාවලට අනුව බාලවයස්කාර ගැහැණු දරුවන් 10 දෙනකු ගැබ්ගැනීමට ලක්ව ඇත.
ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණ වී ඇතැයිද සභාපතිවරයා පවසයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම තොරතුරු අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය කුමාර අමරසිංහ පැවසුවේ, බාලවයස්කාර ගැහැණු දරුවන් මව්වරුන් බවට පත්වීම බරපතළ සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්ව ඇති බවය.
මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් දරුවන් බේරාගැනීම සඳහා ඔවුන්ට ලිංගික අපයෝජනයන් සහ ඒවා වළක්වාගැනීම පිළිබඳව මනා දැනුමක් ලබාදීමද සිදුකළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart