December 18, 2023

තවත් වසර 12ක් රට පාලනය කිරීමට ඉදිරි වසර තුළදී, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනතාව ජනවරම ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අද ප්‍රකාශ කළේය.

කොළඹදී පැවති ජනමාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

හෙතෙම එහිදී මෙසේද පැවැසීය.

“ජාතිය කුඩේ කුඩු වෙලා තිබුණු රටක් තමා මේ ජනාධිපතිතුමා ගොඩගත්තේ. එතුමා මැතිවරණ 70 ක් පමණ කරලා තියෙනවා. ජනතාව කිසිම සැකයක් තියා ගන්න එපා. වසර 12 ක් එතුමා පාලනය කළොත් මේ රට ලෝකයේ දැවැන්ත රටක් වෙනවා. එතුමා පත්වීම නැවැත්තුවේ විදේශ බලවේග. අදත් ඒවා ක්‍රියාමකයි

බංකොලොත් පාස්පොට් එකක් තිබ්බ රටේ අද හොද එකක් තියෙනවා. සමහරු කියනවා පිං ජනාධිපති කියලා. ඔව් එතුමා පිං ජනාධිපති. වැටුණු රටක් ගොඩ ගත්තා. එතුමා හිටගන්නේ ලංකාව සමග විදේශවල තිබුණු සාකච්ඡාවල. එතුමා ලංකාව සමග හිටගමු කියලා කතාකළේ. එතුමාට 2024 වෙද්දී අපි කෘත ගුණ දක්වන්න ඕනේ.”