December 17, 2023

පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම් හලක් ආසන්නයෙන් හැරවීමට උත්සාහ කිරීමේදී පාලනය කරගැනීමට නොහැකිවූ පොලිස් ජීප් රථයක් සමුපකාර වෙළඳසැලකට කඩාවැදී තිබේ.

මෙම රිය අනතුරින් සමුපකාර වෙළඳසැලට දැඩි අලාභහානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

අනතුරින් පුද්ගලයන් කිසිවකුටත් අනතුරක් සිදුව නැතැයි වාර්තා වේ.