
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය අද පත්කළ නමුත් බැසිල් රාජපක්ෂ දරන ලද ජාතික සංවිධායක ධුරය පුරප්පාඩුව තබා ඇති බව වාර්තා වේ.
පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණවලට එළඹ තිබෙන බව පැවැසේ.
එම වාර්තාවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යළිත් වරක් මහලේකම් ලෙස පත්කර ඇත.
ඊට අමතරව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පත්කර තිබේ.
පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමියන් යළි පත්කිරීමටද පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිය දේශපාලන මණ්ඩලයටද සාමාජිකයන් පත්කර ඇති අතර, එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරු ද මෙවර නිර්මාණය විය.
මෙම තනතුරු සඳහා දෙමළ සහ මුස්ලිම් ජාතිකයකු පසුව තෝරාගැනීමට පක්ෂය අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart