
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන විට උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව තුන්ලක්‍ෂ හතළිස්දහසේ සිට දෙලක්‍ෂ අනූදෙදහස දක්වා පනස්දහසකින් පමණ අඩු වී ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (05ද) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.
එහිදී ඇමැතිවරයා මෙසේද පවසා ඇත.
”දැන් අපේ රටේ උපත් ප්‍රමාණය අඩුවෙලා. අවුරුදු 05 සම්පූර්ණ කරලා පාසලට ඇතුළත් වෙන්නේ දරුවන් දෙලක්‍ෂ අනූදෙදාහයි. මීට අවුරුදු 10 කට පෙර දරුවන් තුන්ලක්‍ෂ හතළිස්දහසක් සෑම වසරකම පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ගත්තත් දරු උපත්වල අඩුවීමක් තිබෙනවා.”(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart