December 5, 2023

අද උදෑසන 10ට පමණ මරදාන දුම්රිය ස්ථානයේ 05 හා 06 වේදිකාව පිහිටි වහලය මතට කිසියම් පුද්ගලයකු නැග තිබිණි.

ඔහුව වහලය මතින් ඉවත් කර ගැනිමට මරදාන පොලීසීය හා මරදාන දුම්රිය ස්ථානයේ කාර්‍යමණ්ඩලය අවස්ථා කිහිපයකම උත්සහ කළත් එය අසාර්ථකවී ඇත.

පෙරවරු 11.20 පමණ ඔහු වහලය මත ඇවිදමින් සිටිය දී වහලයේ ආවරණයක් කැඩී ඔහු වේදිකාවේ පතිතවී තිබේ.

අනතුරින් ඔහුගේ ඔලුවේ පිටුපසට හානී වී ඇති අතර ඔහුව කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.