
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැළණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයන් 04 දෙනකුගේ පන්ති තහනම් කර තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා සඳහන් කර ඇති ආකාරයට, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කමිටුවක් පත් කර ඇත.
ආරක්ෂක අංශ නිලධාරියකුට පහරදීමට අදාළ සිදුවීමට සම්බන්ධ සිසුන් පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමින් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා සඳහන් කරයි.
එමෙන්ම සිද්ධියට මුහුණ පෑ ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.
මේ අතර ඊයේ (4) පස්වරුවේ සිට ක්‍රියාත්මකවන පරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ තාක්ෂණ හා පරිගණක පීඨය හැර අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසාදැමිණි.
ඒ අනුව එම පීඨවල සියලුම සිසුන් අද (05) උදෑසන 08 ට පෙර සියලුම නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බව දැනුම්දෙනු ලැබීය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියකුට පහරදීම සහ තවත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනකු පැහැරගෙනගොස් රඳවා ගැනීම ඇතුළු සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් හේතුවෙන් මෙලෙස විශ්වවිද්‍යාලය වසාදමා ඇති බව සඳහන් විය.
මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ඊයේ දවස පුරා වැඩවර්ජනයක නිරත විය.
ඒ තම ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ඉල්ලමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart