
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මතභේදයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ලබාදුන් රෝගීන්, ඒඩ්ස් සහ හෙපටයිටිස් බී රෝග සඳහා පරීක්ෂාවට ලක්කළ යුතු බව හිටපු රාජ්‍ය සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මතභේදයට තුඩු දී ඇති ඉමියුනොග්ලොබියුලින් ඖෂධය රුධිරය පදනම් කරගත් නිෂ්පාදනයක් බැවින්, එය ලබාගත් අයගේ සෞඛ්‍යයට බරපතල අවදානමක් ඇති විය හැකි බව ඔහු පෙන්වාදුන්නේය.
පසුගිය වසර කිහිපය තුළ ඒඩ්ස් රෝගීන් 6,000 ක් පමණ වාර්තා වී ඇති අතර, රට තුළ ඒඩ්ස් ව්‍යාප්තියේ විශාල වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි බව මහාචාර්ය ජයසුමන සඳහන් කළේය.
2022 වසරේදී පමණක් රෝගය ආසාදනය වූ පුද්ගලයන් 600ක් පමණ හඳුනාගෙන ඇති බව ඔහු පැවැසීය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසුවේ ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 3000කටම එක් ඒඩ්ස් රෝගියකු වාර්තා වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart