
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උසාවිවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කිරීමට පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, විජයදාස රාජපක්ෂ පවසයි.
ඇමැතිවරයා මෙම අදහස් පළකළේ කාඩ්පත් මඟින් සිදුකල හැකි මුදල් ගෙවීමේ (Pos Machin) ක්‍රමය අධිකරණ පද්ධතිය වෙත හදුන්වා දීම සඳහා මහජන බැංකුව සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේදී පැවති උත්සවයට එක්වෙමිනි.
අධිකරණයන් මඟින් ලබාදෙන නියෝග මත දඩ මුදල් හෝ රජයට බැරවිය යුතු වෙතන් ආකාරයේ ගෙවීම් කටයුතු නූතන ලෝකයට ගැලපෙන අයුරින් පහසුවෙන් සහ කාර්යක්ෂමව කාඩ්පත් මඟින් සිදු කිරීමට අවශ්‍ය (Pos Machin) ක්‍රමය අධිකරණ පද්ධතිය වෙත හදුන්වාදීම සහ ඒ වෙනුවෙන් මහජන බැංකුව සමඟ ගිවිසුම්ගතවීම ඇමැති විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (30) අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.
අධිකරණයෙන් ලබාදුන් නියෝග පදනම් කරගනිමින් සිදුකරන ලද දඩ මුදල් සහ අනෙතුත් ගෙවීම් මෙතෙක් සිදුකරන ලද්දේ මුදල් වලින් පමණක් වන අතර එහිදී මහජනතාවට මුහුණදීමට සිදුවු දුෂ්කරතාවයන් සලකා බලා මහජන බැංකුව හා එක්ව මුදල් ගෙවීමේ කටයුතු කාඩ්පත් මඟාන් සිදුකළ හැකි (Pos Machin) ක්‍රමය කොළඹ අධිකරණ කලාපයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart