November 30, 2023

උතුරු කොළඹ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයකු රුපියල් 7,500 ක් අධිකරණ භූමියේ දී අල්ලස් ලෙස ලබාගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විනිසුරුවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මෙම විනිසුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයාට දෙවන බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වීම තහවුරු කරමින් දික්කසාද ලේඛන නිකුත් කිරීමට විනිසුරුවරයා මෙලෙස රුපියල් 7,500ක අල්ලසක් බලාගෙන තිබේ.

දෙමටගොඩ පිහිටි උතුරු කොළඹ ක්වාසි අධිකරණයේ දී මෙම අල්ලස් මුදල ලබාගනිමින් සිටියදී විනිසුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.