
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කොටස් වෙළෙඳපොළ නියාමන රෙගුලාසීන්ට අනුව 2023 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා වාර්ෂික වාර්තා මෙතෙක් ඉදිරිපත් කර නොමැති සමාගම් 05 ක කොටස් ගනුදෙනු 2023 දෙසැම්බර් 08 දින සිට අත්හිටුවීමට පියවර ගන්නා බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කරයි.
ඒ අනුව Mackwoods Energy PLC, Millennium Housing Developers PLC, Nation Lanka Finance PLC, Kelsey Developments PLC සහ Ceylon Printers PLC යන සමාගම්වල කොටස් ගනුදෙනු, මෙලෙස අත්හිටුවීමේ අවදානමකට ලක්ව ඇත.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් පවසන්නේ 2023 දෙසැම්බර් 06 දින හෝ ඊට පෙර අදාළ වාර්ෂික වාර්තා, කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට ඉහත කී සමාගම් අපොහොසත් වන්නේ නම්, එම සමාගම්වල කොටස් ගනුදෙනු 2023 දෙසැම්බර් 08 දින සිට අත්හිටුවනු ලබන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart