
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අද තාවකාලිකව අත්හිටුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්කාගාර දෙකක මධ්‍යසාර නිෂ්පාදනය යළි ආරම්භ කර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම හා රන්දෙණිගල ඩිස්ටිලරීස් යන සමාගම් දෙක රුපියල් මිලියන 116 ක හිඟ බදු ගෙවීමෙන් පසු නැවත මත්පැන් නිෂ්පාදනය ආරම්භ කළ බවයි.
බදු නොගෙවීම හේතුවෙන් ප්‍රධාන මෙම ස්කාගාර දෙකෙහි මද්‍යසාර නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර අත්හිටුවන ලද සමාගම් පහ අතරට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම හා රන්දෙණිගල ඩිස්ටිලරීස් යන සමාගම්ද ඇතුළත් විය.
එම අවස්ථාවේදී දෙපාර්තමේන්තුව කියාසිටියේ හිඟ බදු නොගෙවීම සහ වාර්ෂික බලපත්‍ර අලුත් නොකිරීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් පහේ බලපත්‍ර අත්හිටුවා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart