
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලෑන්ඩ් කෲසර් ජීප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට අයත් දඹුල්ල යුරෝ නිපොන් පෞද්ගලික වාහන අංගනය වැළීලීමකදී අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසියට භාරදී තිබේ.
වලාන – පානදුර දුෂණ මර්දන ඒකකය දඹුල්ල පොලිසියට වාර්තා කර ඇත්තේ මෙම රථයේ වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වන බවයි.
රුපියල් මිලියන 20ක් රේගු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් ව්‍යාජ ලේඛන සකස්කර භාවිත කර ඇති බවට සැකකෙරේ.
කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල කොට්ඨාස සහකාර පොලිස් අධිකාරී රුක්මාල් තෙන්නකෝන්ගෙන් කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ, තමන් නිවාඩු ලබා සිටින බවයි.
මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂකගෙන් විමසන ලෙස මාතලේ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර දැනුම්දුන්නේය.
දඹුල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.ආර්. ඇල්ලේපොල නිවාඩු ලබා සිටි අතර, වලාන – පානදුර මර්දන මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගත් වාහනයක් ඉදිරි විමර්ශන සඳහා දඹුල්ල පොලිසියට භාරදී ඇති බවත් එය අධිකරණයට ඉදිරිපත් කරන බවත් වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක පැවසීය.
මේ අතර, පානදුර – දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ, සැකපිට වාහනයක් සිය භාරයට ගත් බව පිළිගෙන අධිකරණයෙන් පැමිණි පසු සවස් වන විට වැඩිදුර තොරතුරු ලබාදිය හැකි බව සඳහන් කළේය.
මේ අතර, රොෂාන් රණසිංහ ඇමැතිවරයාගේ වාහන අංගනයේ අධ්‍යක්ෂ ඉන්දික රත්නායක කියා සිටියේ මෙම වාහනය ඔහුට අයත් බවත්, වාහනයට අදාළ නීත්‍යනුකූල ලියකියවිලි ඔහු සතුව තිබූ බවයි.
අයිතිකරුට නොදන්වා වාහනය පොලිස් භාරයට ගත් බවට ඔහු චෝදනා කළේය.
කෙසේ වෙතත් රොෂාන් රණසිංහ ඇමැතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක විය.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart