
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ කල්බදු සමාගම් විසින් පසුගිය වකවානුවේ විශාල ලෙස රත්‍රන් උකස් ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ණය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස්(Fitch Ratings) අනතුරු අඟවා ඇත.
ෆිච් රේටින්ග්ස් පවසන්නේ, මෙලෙස වැඩි වශයෙන් රත්‍රන් උකස් ගැනීම මගින් මූල්‍ය ආයතනවලට වැඩි අවදානමක් ඇති කරන බවත්, රත්‍රන් මිලෙහි අහිතකර චලනයන්ට එය හේතුවන බවත්ය.
මෙරට මූල්‍ය සහ කල්බදු සමාගම්වල ප්‍රධාන ව්‍යාපාරය මෝටර් රථ වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබාදීම වුවද, පසුගිය වකවානුවේ වාහන ආනයනය අත්හිටුවීම සහ වාහන වෙළඳපොළ හැකිළීම යන තත්වයන් හේතුවෙන් අදාළ සමාගම් වැඩි වශයෙන් රත්‍රන් උකස් ගැනීම කෙරෙහි යොමුවිය.
මේ හේතුවෙන් 2019 සිට 2023 වන විට මූල්‍ය සහ කල්බදු සමාගම්වල රන් ණය ශේෂය හතර ගුණයකින් වැඩි වී ඇත.
2012 සහ 2013 වසරවලද රන් මිලෙහි තියුණු පහත වැටීම් හේතුවෙන් බොහෝ ශ්‍රී ලංකාවේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල අක්‍රීය ණය (NPL) සහ ණය පිරිවැය ඉහළ ගිය බව ෆිච් රේටින්ග්ස් වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart