
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාව සමග ලෝකයේ බංකොලොත් රටවල් ලැයිස්තුවේ සිටින ආර්ජන්ටිනාවට නව ජනාධිපතිවරයෙකු තේරී පත්වී තිබේ.
දැඩි දක්ෂිණාංශිකයෙකු වන ජාවියර් මිලේයි 56% ක ප්රතිශතයක් ලබා ගනිමින් එරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇත.
ජාවියර්ගේ විශේෂත්වය වන්නේ ඔහු එරට ආර්ථික කඩාවැටීමට මහ බැංකුව වගකිව යුතු බව පවසමින් එය වසා දැමීමටත් රටේ මුදල් ඒකකය වන පේසෝව අතහැර දමා ඒ වෙනුවට ඩොලරය භාවිතා කරන බවටත් පොරොන්දු වී තිබීමයි.
මෙය බහුතර ජනතාවක් විසින් අනුමත කර තිබුණද ඇතැම් පිරිස් සදහන් කරන්නේ , මෙම ක්රියාමාර්ග තුළින් රට තවත් විනාශ වනු ඇති බවයි.
ඉලක්කම් තුනක උද්දමන අගයක් පවතින ආර්ජන්ටිනාව, විරැකියාව ඇතුළු ගැටලු ගණනාවකින් පීඩා විදිමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart