
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන වසරේ සිට Hyundai වාහන Amazon විසින් අන්තර්ජාලය හරහා එක්සත් ජනපදය තුළ විකිණීම ආරම්භ කරන බව එම සමාගම් දෙක නිවේදනය කර තිබේ.
එහිදී පාරිභෝගිකයින්ට Amazon.com මගින් මෝටර් රථයක් මිලදී ගැනීමට හැකි වන අතර දේශීය Hyundai නියෝජිතයෙකු හරහා බෙදා හැරීම කාලසටහන්ගත කළ හැකි වනු ඇත.
මෙම ගිවිසුම වසර දෙකකට පෙර Amazon.com හි Hyundai ඩිජිටල් ප්‍රදර්ශනාගාරය පුළුල් කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද ගනුදෙනුවක දිගුවකි.
එමඟින් පාරිභෝගිකයින්ට වාහනයක හැඩගැස්ම නිරීක්ෂණය, මිල ගණනය කිරීම සහ විකිණීම සම්පූර්ණ කිරීම සඳහා අලෙවිකරුවෙකු සොයා ගැනීම සිදුකළ හැකි වේ.
Hyundai 2018 දී Amazonහි සිය පළමු ඩිජිටල් ප්‍රදර්ශනාගාරය පිහිටුවන ලදී.
එහි නවතම පියවර ලොස් ඇන්ජලීස් ඔටෝ ප්‍රදර්ශනයේදී නිවේදනය කෙරිණි.
නව ගිවිසුම මගින් 2025දී නව Hyundai වාහන ගැනුම්කරුවන්ට ඔවුන්ගේ මෝටර් රථවලින් Amazon හි Alexa හඬ සහායකයාගේ සහයද(Amazon’s Alexa voice assistant ) ලබාගත හැකි වේ.
“ලෝකයේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සංවිධානයක් සමඟ හවුල් වීමෙන් අපගේ සමූහය පුළුල් කිරීම,විකුණුම් ජාලය වර්ධනය කිරීම, විද්‍යුත්කරණයට සංක්‍රමණය වීම සහ ස්මාර්ට් සංචලනයේ අනාගතය සාක්ෂාත් කර ගැනීමට හැකි නිසා ඇදහිය නොහැකි අවස්ථාවන් විවෘත වනු ඇති ,” යනුවෙන් Hyundai ප්‍රධාන විධායක නිලධාරී Jay Chang ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart