
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික හිංසනයක් සිදුකර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඊයේ (17) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අදාළ නිලධාරිනිය එම සිදුවීම සම්බන්ධයෙන් තමාට දැනුම්දුන් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
“මම මහ ලේකම්තුමියගේ අවධානයට මේ කරුණ යොමු කරනවා. මට දැන් නිලධාරිනියක් කිව්වා කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් ඇයව ලිංගික වශයෙන් හිංසනයට ලක්කළා කියලා. මේක දැඩි චෝදනාවක්. මේ ගැන කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනියවත් දැනුවත් කරලා තිබෙනවා. මේ තරම් පහත් තැනකට මේක ගිහින් තියෙද්දිත් ඇයි මේ ගැන තීරණයක් ගන්නේ නැත්තේ.” යැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart