
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිල්ටන් හෝටලයේ හිමිකාරිත්වය දරන Hotel Developers Lanka Limitedහි කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ආයෝජකයන් 09දෙනකු දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය 2023 ඔක්තෝබර් මාසයේදී සඳහන් කළේ, හොටේල් ඩිවලොපර්ස් ලංකා ලිමිටඩ්හි කොටස් අත්පත් කරගැනීම සඳහා ආයෝජකයන්ගෙන් රජය මුදල් අමාත්‍යංශය හරහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ දැනුම්දීම් ඉල්ලා සිටි බවයි.
යෝජනා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2023 නොවැම්බර් 16 බ්‍රහස්පතින්දා පස්වරු 02ට අවසන් විය.
අමාත්‍යංශය පැවසුවේ, ලැබුණු දැනුම්දීම් කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ සාකච්ඡා කමිටුව විසින් සළකා බැලූ බවය.
කැමැත්ත ප්‍රකාශ කිරීමේ දැනුම්දීම් 09ක් ලැබී ඇති අතර, 2023 ජූලි මාසයේදී ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය සතු ව්‍යවසායයන් බෙදාහැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව ඒවා ඇගයීමට ලක්කෙරෙන බව අමුදල් අමාත්‍යංශය පවසයි.
Colliers International Consultancy & Valuation (Singapore) Pte Ltd සහ එහි උපදේශක සහකරු Platinum Advisors Pte හොටේල් ඩිවලොපර්ස් ලංකා ලිමිටඩ්හි පැවරීමේ ගනුදෙනු උපදේශකවරුන් ලෙස රජයට උපදෙස්දීමට දිගටම කටයුතු කරනු ඇති බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
හොටේල් ඩිවලොපර්ස් ලංකා ලිමිටඩ් යනු 100% රජය සතු, Hilton Colombo සතු පොදු ලැයිස්තුගත සමාගමකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart