
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිල්ලර වෙළෙඳපොළේ පවතින සීනි හිඟය සහ තොග සඟවන්නන්ට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය අද (16) සීනි ආනයනකරුවන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ‘ඩේලි මෝර්නින්’ වෙත අදහස් දක්වමින් අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු පවසා ඇත්තේ, අමාත්‍යාංශය සහ පාරිභෝගික අධිකාරිය මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවත්, නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සීනි තොග සොයාගැනීම සඳහා දැනටමත් වැටළීම් කිහිපයක් සිදුකර ඇති බවත් ය.
කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්, අද දිනයේ සීනි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පවත්වා තීරණයකට එළඹීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
පසුගියදා සිදුකළ බදු වැඩිකිරීමෙන් පසු සිල්ලර සීනි මිලට මිල පාලනයක් පැනවීමට රජය ගෙන ඇති පියවරත් සමඟ, සිල්ලර වෙළෙන්දන් නව බද්දෙන් තමන්ට ලාභයක් නොමැති බව පවසමින් සීනි අලෙවි කිරීමට මැලිවීමේ ප්‍රතිඵලයක් ලෙස, දේශීය වෙළෙඳපොළ සීනි හිඟයක් නිර්මාණය වී තිබේ.
මෙම සීනි හිඟය හමුවේ පෑලියගොඩ ප්‍රදේශයේ රහසිගතව ගබඩා කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 270 ක තොගයක් පාරිභෝගික අධිකාරිය සිය භාරයට ගෙන ගබඩාවට මුද්‍රා තැබූ බව අඟහරුවාදා (14) වාර්තා විය.
මේ මස (නොවැම්බර්) මුලදී සීනි සඳහා ආනයනික බදු ශත 25 සිට කිලෝග්රෑමයකට රුපියල් 50ක් දක්වා ඉහළ දැමුණු අතර, එම තීරණය විපක්ෂය සහ සිවිල් සංවිධාන ඇතුළු බොහෝ පාර්ශවයන්ගේ විවේචනයට ලක්විය.
මෙම පියවරෙන් පසුව, පාරිභෝගික අධිකාරිය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart