
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැති පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට, ක්‍රිකට් කමිටු විධායක නිලධාරීන් 14දෙනකු සහභාගි කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇති බවද, එය සම්පූර්ණ වැරදි ක්‍රියාවක් බවද කෝප් කමිටුව සඳහන් කර ඇත.
මෙම ක්‍රියාව ක්‍රීඩා ඇමැතිවරයා අනුමත කර නොතිබූ අවස්ථාවක මෙසේ සිදුකළේ කෙසේද යන්න පිළිබඳව කෝප් කමිටුව ක්‍රිකට් ආයතන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබේ.
මෙවැනි තීරණයක් ගතහැක්කේ ක්‍රීඩා ඇමැතිවරයාට පමණක් බවද, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට එවැනි තීරණයක් කිසි ලෙසකින්වත් ගත නොහැකි බවද මෙහිදී කෝප් කමිටුව ප්‍රකාශ කර ඇත.
එමනිසා එවක ලේකම් අමල් හර්ෂ සිල්වා කෝප්කමිටුවට කැඳවන ලෙස කෝප් කමිටුව දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් ඊයේ (14) පාර්ලිමේන්තු කෝප් කමිටුව වෙත කැඳවා තිබිණි.
එහි සාමාජික ජයන්ත ධර්මදාස අසනීප තත්ත්වයක් නිසා ඊට සහභාගී නොවීය.
තවත් වාර තුනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවීමටද මෙහිදී තීරණය කෙරිණි.
ක්‍රිකට් ආයතනයේ උපචිත වියදම් ලෙස රුපියල් මිලියන 8.636ක් වෙන්කර ඇති නමුත් විගණන කටයුතු කිරීමේදී එම මුදල් අදාළ ගිණුමෙන් ඉවත්වීම පිළිබඳවද මෙහිදී කෝප් කමිටුව ප්‍රශ්න කර ඇත.
මෙම ඕස්ට්‍රේලියානු සංචාරයට අදාළව තෝරාගත් ජනමාධ්‍යවේදීන් පිරිසක් පමණක් සහභාගී කරවීමද මෙහිදී කෝප් කමිටුව ප්‍රශ්න කළ අතර ඒ පිළිබඳ පැහැදිලි පිළිතුරක් ලබාදීමට ක්‍රිකට් ආයතන නිලධාරීන්ට නොහැකි විය.
මෙවැනි කාර්යකදී සෑම ජනමාධ්‍ය ආයතනයකටම සම අවස්ථා හිමිවිය යුතු බවද, ක්‍රිකට් ආයතනයේ ගුණ ගායනා කරන ජනමාධ්‍යවේදීන් පමණක් ඊට සහභාගි කරගැනීම වැරදි බවද කෝප් කමිටුව ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart