
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උත්කර්ෂවත් 20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.
ඒ, 2019 සහ 2020 දෙවසර වෙනුවෙනි. මෙම සම්මාන උළෙලේදී 2019 වසරේ හොඳම නළුවා ලෙස ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදී කමල් අද්දරආරච්චි ද, 2020 වසරේ හොඳම නළුවා ලෙස දි නිවුස්පේපර් චිත්‍රපටයේ කුමාර තිරිමාදුර ද පිදුම් ලැබීය.
මෙම සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ රඟපෑ සමාධි ලක්සිරිද, 2020 වසරේ හොඳම නිළිය ලෙස පාංශු චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු ද පිදුම් ලැබීය.
මෙම සම්මාන උළෙලේදී 2020 හොඳම පසුබිම් ගායිකාව ලෙස ප්‍රවීණ සංගීතවේදීනි ආචාර්ය නන්දා මාලිනිය පිදුම් ලැබූ අතර ඒ අවස්ථාවේදී නන්දා මාලිනි මහත්මියට සම්මානය පුද කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණ සම්මානය පුද කිරීම විශේෂත්වයක් විය.
එහිදී අදහස් දක්වමින් 1963 නන්දා මාලිනිය ගැයූ දොයි දොයි දොයි දොයිය බබා ගීතය තමන් රස විඳි බවත් එය සරසවි සම්මාන දිනූ බවත්, එම අවස්ථාවට තමන්ද එක්ව සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
රටටම සංගීතයට කළ මෙහෙවර වෙනුවෙන් සමස්ත ජනතාව වෙනුවෙන් නන්දා මාලිනියට ස්තූතිය පුදකරන බවද ජනාධිපතිවරයා කියාසිටියේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart